සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර් මාපකයේ 4.2 ක භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල වශයෙන් සැලකෙන එල් ටෙනියෙන්ටේ පතලේ අර්ධ කඩා වැටීමක් ඇතිව ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් පතලේ කැනීම් කරමින් සිටි පිරිස අතරින් එක් අයෙකු මියගොස් ඇති අතර පස් දෙනෙකු සිරවී සිටින බව කියැවේ. ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් 100 දෙනෙකු ක්‍රියාත්මක වෙමින් සිටින අතර මේ සමබන්ධයෙන් පතල් අමාත්‍ය ඕරෝරා විලියම්ස් සඳහන් කර තිබුණේ, 1900 ගණන්වල මුල් භාගයේ ක්‍රියාත්මක වීමට පටන් ගත් සහ කිලෝමීටර 4,500 කට වඩා (සැතපුම් 2,800 ක් පමණ) භූගත උමං මාර්ග ඇති පතලේ ක්‍රියාකාරකම් තාවකාලිකව මෙවන විට නතර කර ඇති බවයි.
පසුගිය වසරේ එල් ටෙනියන්ටේ පත්ලෙන් පමණක් තඹ ටොන් 356,000 ක් නිෂ්පාදනය කර ඇති අතර චිලී යනු ලොව විශාලතම තඹ නිෂ්පාදකයා වේ.
2024 දී ටොන් මිලියන 5.3 ක් පමණ වන ගෝලීය සැපයුමෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සම්පාදනය කර ඇති අතර චිලී ජාතික භූ විද්‍යා හා පතල් සේවයට අනුව, පසුගිය වසරේ මරණ අනුපාතය සියයට 0.02 ක් වූ එහි පතල් කර්මාන්තය පෘථිවියේ ආරක්ෂිතම ස්ථානයකි.