අද යුපුන් සහ ගයන්තිකා තරග බිමට

Date:

ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කෙි උළෙලනේ අපේක්ෂා කළ පදක්කම් අහිමි වි තවමත් එක ලෝකඩ පදක්කමක් පමණක් දරා ගෙන සිටින මොහොතක අද සිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලාපොරොත්තු පිටියට පැමිණීමට නියමිතය.එහිදි අද පළමුවෙන්ම තරග වදින්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අතර පළමු තැන සිටින යුපුන් අබේකෝන්.ඔහු අද මීටර් 100 හයවන මූලික තරගයට ඉදිරිපත් වන අතර ඔහු එම තරගයට සහභාගි වන තරගකරුවන් අතරින් හොදම පෞද්ගලික දක්ෂතාවය ඇති තරගකරු ලෙස තරග වදිනවා.
ගයන්තිකා අබේරත්න අද මීටර් 800 කාන්තා තරගයේ දෙවන මූලික තරගයට එකතු වී සිටින අතර ඇයට සිය හොඳම පෞද්ගලික කාලය හෝ දැනට වාර්තා කර තිබෙන හොඳම පෞද්ගලික කාලයට ආසන්න කාලයකින් තරගය නිමා කිරීමේ අභියෝගය තිබෙනවා.පසුගිය කාලයේ ජාත්‍යන්තර මට්ටමේ හොඳ තරග කිහිපයකට සහභාගි වී තිබීම මෙන්ම එහිදි එන්න එන්නම තරග වැදිමේ දී තරගය කළමණාකරනය කළ යුතු ආකාරය පිළිබඳව ඇයගේ අවබෝධයේ වර්ධනය නිසා ගයන්තිකා මේ තරගයේදි හොඳ කාලයකට වඩා හොඳ ස්ථානයකට අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.එම ස්ථානය සමඟ හොඳ කාලයද ඇයට හිමිවනු ඇති

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...