යුපුන් ඉහළින්ම අවසාන පූර්ව වටයට – ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 මූලික තරගවලදී හොදම කාලය වාර්තා කරමින් යුපුන් අබේකෝන් ඉසව්වේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේය.වාර්තා කළ කාලය තත්පර 10.06 ක් විය.
කාන්තා මීටර් 800 මූලික තරග වටය නියෝජනය කළ ගයන්තිකා අබේරත්න තරගයේ පස්වැනි ස්ථානයට පත් වුව ද,විනාඩි 02:02.20 න් තරගය නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නට සමත් වූවාය.ඈ විසින්ම තබා තිබූ පැරණි වාර්තාව විනාඩි 02:01.44 කි.

හයවන මූලික තරගයට ඉදිරිපත් වූ යුපුන් අබේකෝන් තත්පර 0.152 ක් ආරම්භක ප්‍රතික්‍රියා පෙන් වූ අතර දෙවැනියාගෙන් යම් පීඩනයක් එල්ල වූවේනම් ඔහුට තත්පර 10.06 ට වඩා හොද කාලයක් වාර්තා කරන්නට ඉඩ තිබිණ.ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ නියෝජනය කළ දෙවන තැනට පත් කෙයොන් බෙන්ජමින් වැය කළ කාලය තත්පර 10.34 ක් විය.

ගයන්තිකා ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩා ජීවිතේ බොහෝ දුර පසු කිරීමෙන් ඉනික්බිති ආසන්න දිනවල නව ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයකට මුහුණ දුන් අතර එම තරඟ අත්දැකීම් ඇය මේ තරගයේදී හොඳින් තරගය කළමනාකරණය කර ගන්නට යොදා ගත්තාය.වේගය පාලනය මෙන්ම වැඩි වේගයද සහිතව ඇය ඇතුළු මීටර් 800 දක්ෂයන් පොකුරට ජාත්‍යන්තර තරග අත්දැකීම් මීට වඩා ලබා දෙන්නට වැඩ පිළිවෙලක් තිබුණානම් මේ වන විට පවතින ශ්‍රී ලංකා වාර්තාව විනාඩි දෙකට මෙපිටින් තිබෙන්නට තිබිණි.

කෙසේ හෝ කාන්තා මීටර් 800 සඳහා සහභාගි වූයේ 18 දෙනෙක් පමණක් නිසා,අට දෙනෙකු කෙළින්ම අවසාන තරගයට කැදවනු විනා අවසාන පූර්ව තරගයක් එම ඉසව්වට නැත.ඒ නිසා මූලික වටයෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාලාභියට තරගයෙන් ඉවත්වෙන්නට සිඳු වුවත් ඇය දැක් වූ දස්කම් ඉහළය.

යුපුන්ගේ මෙන්ම ගයන්තිකාගේ ද තරග වැදි ආකාරය පිළිබද තාක්ෂණික වාර්තාව පහතින් දක්වා ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...