*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කාලි තොවිලයට ගෙනා නිලධාරින්ගෙ පලු නැති බෙර.

කොළොම්ඹියාවේ කාලි හී පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විඳින්නට සිඳු වූ ගැහැට ගැන දැන් රටම දනියි.එය සිඳු වූ හැටි ද යම් යම් ආකාරයට දනියි.නමුත් මුල සිට කතාව රටම දත යුතුයි.
තරගාවලියට තෝරා ගනු ලබන්නේ ලෝක මට්ටමෙන් ඒ ඒ ඉසව් සඳහා තීරණය කරනු ලබන පරිසාධන මට්ටම් ඉක්මවා දක්ෂතා දැක් වූ අයය.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් කොළොම්ඹියා ක්‍රීඩා උළෙලට තෝරා ගත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ක්‍රීඩකයින් පහකි.එය ඔවුන් දක්ෂතාවයෙන් උපයාගත් දෙයකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් මේ තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ ඉහත පරිසාධන මට්ටම් ඉක්මවා යමින්ය.

තරගය සඳහා මේ කණ්ඩායම කොළොම්ඹියාවට යන බව ක්‍රීඩා අමාත්‍යවරයා දැන සිට ඇත.ඔවුන් ගැන සොයා බලන්නට ද උපදෙස් දී ඇත.ගුවන් ගමන් සඳහා මුදල් ලබා දෙන්නෙත් අමාත්‍යංශය හරහා ය.මේ සඳහා එක් වරක් ටිකට් සඳහා අත්තිකාරම් මුදල් බැඳ තිබුණේ නම් ගන්නට තිබුණ මුදල මෙන් දෙගුණයකටත් වඩා ලක්ෂ 27 ක් වූ මුදලක් වැය කර අවසානයේ මේ සංචාරයට සහභාගි වීමට වගකිව යුත්තේ කවුද යන්න රටට වන මූල්‍යමය පාඩුව අනුව සිතට ගත යුත්තකි.ක්‍රීඩකයන්ට තරගවලට සහභාගි වන්නට නොහැකි වීම,ඉහළ දකෂතා අතරට පැමිණීමට නොහැකි වීම යනාදි කරුණු ද රටේ කීර්තිය හා සෘජුවම සම්බන්ධ වේ.

තීරණාත්මක සමයේ මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා සිටියේ ඇමෙරිකාවේය.ඒ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි විමට ගොස්ය.එහි වරදක් දකින්නට නොහැකිය.එවැනි තරගාවලියක් තුළ පරිපාලනයට සම්බන්ධ තීරණ ගැනීම සඳහා ප්‍රතිපත්තිමය කරුණු සකස් කිරීම සඳහා පරිපාලන සාකච්ඡා පැවත්වෙන්නේය.

මේ කාලය තුළ මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයාට සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද තමන් සම්බන්ධයෙන් වගකීමක් තිබිණ.ඒ ඔවුන් සහභාගිවන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම වෙනුවෙන්ය.සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රමාදයන් සකසන්නට බලද්දී මුදල් හිමි භාණ්ඩාගාරිකවරයා විදේශගතව ඇත.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදේශගතව ඇත.

නමුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් දෙමවිපියන් ඇසුරේ තිබූ සබඳතාවයකින් අවශ්‍යය ගුවන් ටිකට් පත් වෙන් කර ගත්තත් එයට මුදල් ගෙවන්නට සතියක් ප්‍රමාද වන බව කි විට එම ටිකට්පත් අවලංගු කරනු හැර උදව්වට පැමිණි පුද්ගලයාට වෙන කරන්නට දෙයක් නොතිබිණි. මාධ්‍යයද දරුවන්ගේ සහ පුහුණුකරුවන්ගේ සබඳතා ද නිසා මේ ක්‍රීඩක කණ්ඩායම සිත් සසල කරන අයුරින් ටොරිංටන් පිටියේ අපෙක්ෂාභංගත්වයට පත්ව සිටින අයුරු වටේටම සැළවිණි.එතැන් සිට ද මලල ක්‍රීඩා සංගමයට කළ හැකිව තිබූ දෙයක් නැත.අවසානයේ හිටපු මලල ක්‍රීඩකයෙක් වූ සහ වර්ථමාන පුහුණුකරුවෙක් වූ රවීන් ප්‍රනාන්දු තමන්ගේ පෞද්ගලික සබඳතා යොදවා ගෙන අවශ්‍යය මුදල් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හරහා ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා නැවත අමාත්‍යංශයෙන් ගෙවන බවට පොරොන්දුව යටතේය.

ඒ අනුව පිටත් වූ පළමු කණ්ඩායමට පළමුවෙන් තරඟ බිමට පිවිසෙන්නට සිටි සහ යම් පදක්කම් බලාපොරොත්තුවක් සහිතව සිටි තරුෂි කරුණාරත්න ඇතුළත් කළ ද ඇය සම්බන්ධ අවශ්‍යය ලියවිල්ලක් බ්‍රසීල ආගමන විගමන තොරතුරුවලට ලබා දීමේ පමාවක් සිඳු විය.ඒ නිසා ඇයගේ හොඳම ඉසව්ව වන මීටර් 800 තරුෂිට අහිමි විය.නමුත් පිටත් වුව ද තරගය සඳහා ගුවන් ගමණෙන් පසුව එකතු වෙන්නට ද වෙලාවක් තිබී නැත.

ක්‍රීඩා අමාත්‍යවරයා ඉන්නේ මේ සම්බන්ධයෙන් අතරු කමිටුවක් ගෙන එන වාචික ස්ථාවරයේය.ජනාධිපතිවරයා දක්වා මැදිහත්වීමට සිඳු වූ මෙම ක්‍රීඩකයන්ගේ කොළොම්ඹියා ගමණට වගකිව යුත්තේ කවුරුද?වගකීම්,මුදල් මේ සියල්ල මඟ හැර සංචාරගත වූ නිලධාරීන්ට ගන්නා ක්‍රියා මාර්ග කවරේද?දරන්නට සිඳු වූ වැඩි මුදල මේ රටේ පුරවැසියා දැරිය යුතුද?ක්‍රීඩා අමාත්‍යවරයාට වචනාර්ථය ඉක්මවා කියූ වචන ක්‍රියා පදයක් කරන්නට හැකියාවක් තිබෙන බව තවමත් පෙනෙන්නට නැත.

අවසානයේ ඉතිි වූයේ ජීවිතයේ තරුණ මලල ක්‍රීඩකයන්ට ඇති ඉහළම බලාපොරොත්තුව වූ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ තමන්ගේ හොඳම දස්කම දක්වන්නට තිබුණු අවස්ථාව ක්‍රිඩකයින්ට අහිමි වීමය.ඒ අවස්ථාවෙන් ලැබෙන්න තිබුණු ප්‍රතිපලය පදක්කමක් නොවී නව වාර්තාවක් වුව ද එහි වටිනාකම රටටය.රටේ ක්‍රීඩාවටය.

අමාත්‍යවරයා ද දැන සිටි මේ සම්බන්ධ සොයා බැලීම සම්බන්ධීකරණය කරන්නට කාට හෝ අමාත්‍යවරයා පැවරුවේද?එසේනම් ඔහු කවුද?එසේ පැවරූ කෙනෙක් වේනම් ඔහු සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද?ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් නැති අයෙක් වන මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා සංචාරයට සහභාගි වන්නේ කුමන පදනමෙන්ද?ඔහුට වියදම් දරන්නේ කවුද?මලල ක්‍රීඩා කණ්ඩායම සමඟ පත් කළ එක් පුහුණුකරුවෙක් ඉවත් කරන්නේ මුදල් හිඟය මතනම්,භාණ්ඩාගාරිකවරයාට තරග නරඹණ්නට මුදල් ලබා දීම සිඳු කරන්නේ කවුරුන්ද?

ක්‍රීඩා බලධාරීන් තොවිලයට පැමිණ ඇත්තේම පලුව ගිය බෙරයක් සමඟ බව ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිළි විය යුතුය.එසේ පැහැදිළිව සිටියදීම ඒ බෙරේ මරු සද්දෙ කියා සමාජය රවටනවාද?හොඳට රත් වී තිබෙන බෙරයත් රැගෙන තොවිලය හරියට නටා ක්‍රීඩාවට වින කරන යක්ෂයන්,කුම්භාන්ඩයන් පිශාචයන් ආදි සියල්ල දූරිං භූත කර දැමීමට පියවර ගන්නවාද?LNW විමසිල්ලෙන්….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan