Breaking News: පේරුවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 13 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – පුලී

අගෝස්තු 01, LNW (කොළඹ): පේරුවේ නස්කා රේඛා (Nazca Lines) නැරඹීමට සංචාරකයන් රැගෙන යමින් තිබූ කුඩා ගුවන් යානයක් සෙනසුරාදා කඩා වැටීමෙන් අවම වශයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට පොලීසිය පවසයි.

පොලිස් ප්‍රධාන ජෝර්ජ් ඇන්ඩ්‍රේඩ්ට අනුව, මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.

අනතුර සිදුවූ ස්ථානය ඉතා ඉක්මනින් ගිනිගෙන ඇති බැවින් කිසිවෙකු බේරා ගැනීමට නොහැකි වූ බව දේශීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය පේරුවේ ඉකා (Ica) ප්‍රාන්තයේ පිස්කෝ (Pisco) නගරයෙන් පිටත්ව තිබුණි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...