මහ පාන්දරත් මහරින් වෙඩි හඬ ??

අද (02) අලුයම 01.30 පමණ වනවිටත් මහර බන්ධනාගාරය දෙසින් වෙඩි හඬට සමාන හඬවල් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසයි.

බන්ධනාගාරයේ ඇතිවූ තිබූ ගින්නෙන් ඒ වනවිටත් දුමක් ද නැගෙමින් තිබුණු බවයි ඔවුන් සඳහන් කළේ.

මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ තුවාල ලබා රෝහල්ගත කළ එක් රැඳවියකු ඊයේ සවස් වනවිට ජීවිතක්ෂයට පත්ව තිබූ අතර තවත් රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා විය.

එමෙන්ම බන්ධනාගාරය ඉදිරිපිටට ඊයේ පස්වරුවේ සිට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් සහ පොලීසිය අතර ද උණුසුම් තත්වයක් හටගෙන තිබුණු බවත් වාර්තා වී තිබිණි. පසුව 246 – කැන්දලියද්දපාළුව – බටහිර, 246 C – කැන්දලියද්දපාළුව – උතුර, 181 G – දඹුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

එමෙන්ම මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට සන්නද්ධ හමුදා සාමාජිකයින්, සන්නද්ධ රථ සහ ගිනි නිවන රථ කිහිපයක් බන්ධනාගාරයට ඇතුළු වූ බවත් ආරංචිමාර්ග පැවසීය. එමෙන්ම මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී බන්ධනාගාර පරිශ්‍රයට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කෙරුණු බවත් තවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම ගැටුම ආරම්භ වීමට නිශ්චිත හේතුවක් පොලීසිය හෝ බන්ධනාගාර පාර්ශ්වය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...