කුකුල් කකුල් රට පටවන කර්මාන්ත ශාලාවක් විවෘත කරනවා. ඒකට මුල්ගල් තිබ්බෙත් මමමයි – ඇමති නාමල්

කුකුළු කකුල් අපනයනය කිරීම සඳහා සකස් කරන කර්මාන්ත ශාලාවක් තවත් මාස කිහිපයකින් විවෘත කරන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“තව මාස කිහිපයකින් අපි විවෘත කරනවා කුකුළු කර්මාන්තයට අදාළ පෞද්ගලික අංශයේ ෆැක්ටරියක්. ඒකෙන් කුකුළු මස් – ඒකෙන් කුකුල්ලු එනවා, සුද්ද බුද්ද වෙලා ඔක්කොම, පැකින් වෙලා, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය නතර කරලා, අපනයන වෙළඳපොල දක්වා එන තැනට නිෂ්පාදන ඉස්සරහට එනවා. ඊළඟට අනිත් පැත්තෙන් කුකුල් කකුල් ටික එනවා. කුකුල් කකුල් ටිකත් අපනයනය වෙනවා. එතකොට මේ කර්මාන්ත ශාලාව මාස කිහිපයකින් අපිට විවෘත කරන්න පුළුවන්. ඒකට මමම තමයි මුල්ගල තිබ්බේ. එතකොට තව කර්මාන්තයක් ඉදිවෙනවා, ඒකත් කුකුල් කකුල්වලට අදාළ කර්මාන්තයක්, ඒකෙත් කරන්නෙ කුකුල් කකුල් රට පටවන එක. දැන් චීනයේ ගත්තොත් කෑමට සුදුසු විදියට හදපු එක කුකුල් කකුලක් ඩොලර් 3.50ක් වෙනවා. එතකොට කුකුලෙක්ගේ කකුල් දෙක ඩොලර් 7ක් වෙනවා. ඩොලර් 7ක් කියන්නෙ රුපියල් දෙදාස් ගාණක් වෙනවා කුකුල් දෙක. ඒ කියන්නෙ මේ අගය එකතු කරපු, නිමි කුකුල් කකුල්”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ බිත්තර නිෂ්පාදකයින් සමග ඊයේ (01) හෙට්ටිපොල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...