සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පේරුවේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලෝක උරුමයක් වන නාස්කා රේඛා (Nazca Lines) නැරඹීම සඳහා සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලිසියට අනුව, යානයේ සංචාරකයින් 11 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම අනතුරින් මියගොස් ඇත. මෙම සංචාරක ගුවන් යානය පේරුවේ පිස්කෝ (Pisco) නගරයෙන් පිටත්ව මිනිත්තු කිහිපයකට පසු ගුවන් පාලක මධ්‍යස්ථානය සමඟ සම්බන්ධතාවය අහිමි වී කඩා වැටී තිබේ.
වාර්තා අනුව මියගිය පිරිස අතර ඉතාලි සංචාරකයින් හත් දෙනෙකු, ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු, ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු සහ පේරු ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළත් වේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පේරු ප්‍රවාහන බලධාරීන් සහ ගුවන් අනතුරු විමර්ශන කණ්ඩායම් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

