රෂිකා හෙන්නායක අගෝස්තු 02 , කොළඹ LNW :
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
රඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී ඔවුන් එල්ල කළ බලපෑම් නිලධාරීන් විසින් ව්‍යර්ථ කර ඇත.
මෙම කලහකාරී සිදුවීම් අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිලිවලට ගිනි තබා දේපොළ රැසකට දැඩි හානි පමුණුවා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව අද පෙරවරුව වන විට එහි ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වී ඇත.








