නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 , කොළඹ LNW :

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ මුදල් රුපියල් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

විමර්ශනවලට අනුව, මෙම සැකකාරිනියන් ප්‍රතිලාභීන්ට හිමි මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර කරමින් මෙම මූල්‍ය වංචාව සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, වංචාව පිළිබඳව සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව විශේෂ විගණනයක් ආරම්භ කර ඇත.

මුදල් නොලැබීම ගැන ප්‍රශ්න කළ ප්‍රතිලාභීන්ට මෙම නිලධාරීන් තර්ජනය කර ඇති බවද අනාවරණය වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද මෙවැනි වංචා සිදුව ඇත්දැයි සොයා බැලීමට පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...