ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ ඇමෙරිකාවෙන් අප්‍රිකානු රටවල් හතරකට පිටුවහල් කිරීම ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, ඇමෙරිකාවට පැමිණ සිටින නීත්‍යානුකූල නොවන සංක්‍රමනිකයන් විශාල ප්‍රමානයක් 2026 ජූලි 30 සහ 31 දිනවල අප්‍රිකානු රටවල් හතරක් වෙත පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස ඉක්වටෝරියල් ගිනියාව, සියෙරා ලියෝන්, ඝානා සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත යවා ඇති බව සඳහන් වන අතර, එය ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරන විශාල පරිමාණ පිටුවහල් කිරීමේ වැඩසටහනේ නව පියවරක් ලෙස සැලකේ.

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිය අනුව, ඇමෙරිකානු නීති යටතේ රටින් ඉවත් කළ යුතු නමුත්, රාජ්‍යතාන්ත්‍රික හෝ වෙනත් හේතු මත ඔවුන්ගේ මව් රටවලට යළි යැවිය නොහැකි පුද්ගලයින් තෙවන රටවලට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන් පවසන්නේ, පුද්ගලයින් ඔවුන්ගේ ආරක්ෂාව, නීතිමය තත්ත්වය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමාණවත් සලකා බැලීමකින් තොරව තෙවන රටවලට යැවීම බරපතළ ගැටලු මතු කරන බවත්, ඇතැම් පුද්ගලයින් තමන්ට සෘජු සම්බන්ධතාවයක් නොමැති රටවලට යැවීම නිසා භාෂා, ආරක්ෂාව, නීතිමය සහ මානුෂීය අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත්‍ ය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය අවධාරණය කරන්නේ, නීති විරෝධී සංක්‍රමණය පාලනය කිරීම සහ ඇමෙරිකාවේ සංක්‍රමණ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තම ප්‍රමුඛ අරමුණ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...