අම්මලා ….

දහසින් බැඳි පියළි දිනපතා හොයන
රහසින්වත් පව් නම් නොකරන
අහසින්ම මෙලොවට බැස, පොලොවට ඉහළින්ම වෙසෙන
මාස්පඩිකාර ධනපති නෝනාවරුනි , මහතුනි
නුඹලාගේ අම්මලා මෙන්ම
හිරේ විලංගුවේ ගිය එකාගේ අම්මාත් ‘අම්මා’ ය !

මහර යමර ජරමර මැද
වල්ගා කොනින් දිය බිඳ බිඳ
අද්දා මුහුද සින්දන්නට
වෙර දරන, හඬන, වැළපෙන, බනින
දරු දුකින් පරළ වන අම්මා ය

වරද හෝ නිවැරදිව
ඔය ගුවන් තොටිල්ලෙන්
නුඹත් බිමහොත් දාක
දෑස් පල්ලා නුඹට දැකගන්න හැකිවෙනා
පෙරළිකාරිය මහර අම්මා ය ….

~ රුවන් නෙලූ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...