*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🎀පිය පාර්ශවයේ ගාල්ලේදී රනිල් රටටම කියපු රහස…?

🎀මහින්ද  යුද්ධය දිනුවේත් රනිල් ගේ සහායෙන් බව ඔප්පුවීම…..?

🎀පොහොට්ටු නායකයන්ගේ ජීවිත හා රට බේරන්න එදා හොද වූ රනිල් අද හොද නැතිවීම…?

🎀රටත් ජනතාවට වඩා රාජපක්ෂලා පොඩි මයිනාගේ අනාගතය ගැන බැලීම…..?

🎀සජිත් හා නාමල් ගේ ඩීල් එක ලීක් හා ධම්මිකත් රිවස් ද …..?

🎀රනිල් රාජපක්ෂ වෙනුවට සජිත් රාජපක්ෂ බිහිවීම…..?

🎀සමන් ඒකනායක ලියූ කොරවෙන ලිපිය…..?

🎀බෝම්බ මැදින් කතානායක ඉරානයෙන් ලංකාවට පැටවීමේ මෙහෙයුම……?

🎀වජිර සජබ ඇතුලේ පත්තු කළ පෙට්රල් බෝම්බය……?

🎀සැප් : 21 තියෙන්නේ ඡන්දයක් නොව යළි වැළලෙනවද නැද්ද තීන්දු කරන දිනයයි…..?

🎀රනිල් දඔුළුත් වැදගෙන තලගොයිත් මැරීම…..?

🎀 ජවිපෙ තම 88 සෙල්ලම් හිතේ තබාගෙන දාන මාධ්‍ය ගිණිතැබීමේ තර්ජණ….?

🎀ජවිපෙ හොද හොද සෙල්ලම් හා කතා ගොඩක් රටට ලීක්වීම……?

 රනිල් ඡන්දයට එන්නේ නැති බව සමහරු කැට තිවෝය. රනිල් ගේ පිය පාර්ශවය  බද්දේගම නිසා ගාල්ලේ දී අපේක්ෂකත්වය රටට එළිකිරීම සැළසුම විය. එහෙත් කළින්දා ඇප තැබීමෙන් වැඩේ ලීක් වුවද ගාලු රැළියේදී නිළ වශයෙන් රටටම කීය.

රනිල් ගේ තීන්දුවෙන් හොමිබෙන් ගියේ පොහොට්ටුවය. කට්ටියක් කීවෙි රනිල් සමග යමු කියාය.

රට ගිණි ගනිද්දි ඒක නිවන්න පොහොට්ටු නායකයන්ගෙ ජීවිත බේරන්න රනිල් එදා හොඳ නම් දැන් නරක ඇයි” ඔවුහු ඇසුවෝය.

එහෙත් රටට ජනතාවට වඩා රාජපක්ෂලා බැලුවේ පොඩි මයිනා ගැනය. දේශපාලන මණ්ඩලය ලෙස හිතවත් පිරිසක් ගෙනැවිත් වෙනම යන තීන්දුව ගත්තේ වළි මැදය.

“පොහොට්ටුවට තනියම ඡන්ද දිනන එක හීනයක්. අපි රනිල් ට සෙට් වෙමු” පිරිසක් කීවද   බහුතර මතය ජය ගත්තේය.එහෙත් 80% ක් පොහොට්ටු මැති ඇමතිලා  රනිල් ට ගිය අතර එය සම්බන්ධීකරණය කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ය. සාගල හා වජිර ද සහාය විය.

“ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවන්න. එතකොට කාටත් එන්න වෙනවා” පොහොට්ටුවන් යෝජනා කළේය. ඒ සදහා ගේම ප්ලේ කළේ මහාචාර්ය ආශුය. කැබිනට් හමුව  ද ඊට කළින් තිබිණ. 

“දැන් මන්ත්‍රීල 105 ක් ඉන්නවා. පහක් රට” වජිර කීවේ ඔහුගේ නිවසේ දී ය.

“ඔින අභියෝගයකට මුහුණ දෙමු” අහස කඩා වැටුණත්  නොසැලෙන කපටි නරියා කීවේ සැහැල්ලුවෙනි.

රජයේ සංවර්දනය හා ජනතාවට ප්‍රතිලාභ ලබානොදෙන ලෙස මැතිවරණ කොමිෂම ජනපති ලේකම් සමන් ඒකනායකට ලිපියක් යැවීය. සමන් ඊට කදිම උත්තරයක් යැව්වෙිය."ආර්ථික අර්බුදයෙන් හෙම්බත් ජනකාව ඉන් මුදාගන්න කටයුතු කරන වෙලාවක ඒවා නැවැත්තුවොත් ජනතාව යළි අනාථ වේවි" සමන් ගේ ගැටය එය විය. එම කොමිසම තවත් ලිපියකින් කීවේ පොලිස්පති නැති නිසා ආරක්ෂාවට අදාළ ගැටලු පැන නගින බවය. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හා  මැතිවරණ භාර නි:පොලිස්පති කොමිසමට යැවීය.

“කොමිසම ඉල්ලන දේ ලිඛිතව මට දන්වන්න” සමන් කීය. තවද එම කොමිසමට ලිපියක් යැවු සමන් කිවේ ආරක්ෂාවට  අදාළව සියලු  දේ ලිඛිතව දන්වන ලෙසය. ඊට ලැබුණු ප්‍රතිචාර ගැන ජනපති සමගද කතාකොට අවශ්‍ය පියවර ගැනිණ.

 මැතිවරණ පැමිණිලි නිරාකරණයට ද නිළධාරීන්  වෙන් කරන ලෙස සමන් මහජන ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්නේය. පිටපතක් මැතිවරණ කොමිසමට ද යැවිණ.    

අගහරුවාදා පොහොට්ටු මෙන්ම සජබ මන්ත්‍රී පිරිසක් ද ජනපති හමුවූ අතර එහිදී තීන්දු රැසක් ගත්තේය. තවත් ආණ්ඩු පක්ෂ රැස්වීමක් තිබුණ ද ඊට නොයන ලෙස බලපෑම් ආවද  92 ක් පැමිණි අතර පහක් පිටරට බවත් කියවින.   

“නායකයන්ට අමතක වුණාට බිම් මට්ටමේ මිනිසුන්ට ඔබතුමා ගිණිගත් රට නිවපු හැටි මතකයි” මන්ත්‍රීවරු කීවේ එහෙමය.

“අනුරාධපුර බලමණ්ඩලේ 200 න් 198 ක්ම ඔබතුමාට සහාය දෙන ලෙස කිව්වා” චන්ද්‍රසේන කීවේය.

හමාස් නායක ඉරානයේදී ඝාතනය වූ විගස ඒ වනවිට එහි සිටි කතානායක ගේ ආරක්ෂාව ගැන ජනපති උනන්දු විය.

"ප්ලේන් එකක් යවල හරි එතුමා ගේන්න" ජනපති කීවේ සමන් ඒකනායකට ය. බ්‍රහස්පතින්දා ඔහු ලංකාවට ගෙන ඒමේ මෙහෙයුම ඇරඔුණේ එහෙමය.

“හමාස් නායක මරපු නිසා මැද පෙරදිග ඉන්න අපේ අයගෙ ආරක්ෂාවත් බලන්න” රනිල්ගේ සහායට වෝටර්ස් ඒජ් හි රැස්වූ හිටපු පළාත් සභා පිරිස කීය. කමිටු 03 ක් ඒ සඳහා පත් කෙරිණ.      

සජිත් නාමල් මාධ්‍ය හිමිකාරයෙකුගෙ ගෙදරදී හමුවූ පුවත වෛරල් විය. 

“සජිත් මේකට ජී එල් අරන් ගිහින්. සජබ හදන්න දගලපු අය දැන් පැත්තක” වජිර පෙට්රල් බෝම්බයකින් දමා ගැසුවේය.   

“සජිත් ජනපති නාමල් වි: නායක ඩීල් එක දාල තියෙන්නෙ. ඒ නිසා ධම්මික පෙරේර  ත් දැන් අදිමදි කරනවලු” දොළවත්ත කීවේය.

“රනිල් රාජපක්ෂ ලේබලේ වෙනුවට සජිත් රාජපක්ෂ බිහිවෙලා. ලගදි ඉදලා සජිත්ල රාජපක්ෂලට ගහන්නෙත් නෑ. සජිත් දිනනවා කියල නාමල් කියලත් තිබුණා” ආශු කීවේ සිනා මැදය.  

“ඒ හමුව ඇත්තද කියලා නාමල් රටට කියන්න ඔින” ඇමති ෂෙහාන් කීය.

“ජවිපෙ දැන් රිම් එකටම වැටිලා. ඒත් ලෝකෙ වටෙන්ම ගරනවා. නිවාඩු දාගෙන ආපු නර්ස්ලගෙනුත් රු1000 ගානෙ කපන්න හදල නෝන්ඩි වුණා” අයෙක් කීය.

“ජවිපෙ පරණ සෙල්ලම් තාම ඒ විදියමයි. ගෙවල් 82 ක් වගේ මාධ්‍ය ආයතනත් ගිණි තියන්න හදනව ඇත්තෙ. අනික ජවිපෙ කීමට වර්ජන කරල රස්සා නැතිවූ අයට නඩු කියල ජවිපෙ නීතීඥයා රු ලක්ෂ 58 ක් අරන්. සේවකයො අඬල කාංචනට කියලා” ආශු කීය.

“සැප්: 21 තියෙන්නෙ ඡන්දයක් නෙවෙයි යළිත් වැළලෙනව ද ගොඩ යනවද කියන ටෙස්ට් එකයි ” නිළධාරියෙක් කීවේය.

“මහින්ද යුද්දෙන් දිනුවෙත් ඔබතුමා කොටි දෙකඩ කල නිසා බව නාමල් පිළිගැනීමත් ඔබතුමා ලැබූ ජයක්” ආශු කීවිට නරියා චූන් මුහුණක් පෙන්වීය.

"එදා ජේ ආර් ට ගාමිණී ලලිත් ප්‍රේමදාස හිටිය වගේ අද කාංචන රමේෂ් ෂෙහාන්ල ඉන්නවා. හැමෝම වැඩකල නිසයි රට ගොඩගියේ" රනිල් කීවේ ඉදිරි වසර 05ටත් වගකියන්නට බලාගෙනය.

නිරූපමාගේ සැමියා තිරු නඩේසන් හමුවී ඩීල් එකක් දමා  පූජාවකුත් තබා දඔුළුත් වැදගෙන තලගොයිත් මරන වැඩකට නරියා හවුල් විය.

සති අන්තය උතුර හා නැගෙනහිර ගිය කපටි නරියා දෙමළ මුස්ලිම් ඡන්ද ඉලක්ක කර හොඳ හොද ගුලි අඔරනු නියතය.                                                                            

     

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan