*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

අප රටට අවශ්‍ය ආර්ථිකය හැකිළීම නොව ආර්ථිකය වර්ධනය කර ප්‍රසාරණය කිරීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

තමාට රාජ්‍ය නිලධාරින් විඳින දුක වේදනාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතු අතර ඒ සඳහා ජන ජිවිත කුඩා කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය වන්නේ ආර්ථිකය හැකිලීම නොව එය වර්ධනය කර ප්‍රසාරණය කිරීම බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ය.

ආර්ථික වර්ධනය කරන විට ඒ තුළ තිබිය යුතු සමාජ සමානාත්මතාව මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ජාතික ආදායම බෙදී යන ආකාරය අනුව පොහොසත් 20% රටේ සම්පත්වලින් 50%ට වැඩියෙන් භුක්ති විඳින විට දුප්පත් 20% ජාතික සම්පත්වලින් භුක්ති විදින්නේ 5-6%ක් බවත් මෙහි දී සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සියලු දෙනාම ඇතුළත් ආර්ථික වර්ධනයක් සිදුවිය යුතු බවත් දුප්පත් අය තවත් දුප්පත්වන පොහොසත් අය තව තවත් පොහොසත් වන ආර්ථික වර්ධනයක් අපේක්ෂා නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ ම ජන සමාජයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයගේ ගැටලුවලට ප්‍රශ්නවලට විසදුම් දෙන බවත් මෙහි දී පැහැදිලි ගෘහ ඒකකයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ එවැනි දෙයක් නොවන බවත් පැහැදිලිවම ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර ආහාර හා ආහාර නොවන වියදම් ගණනය කළ යුතු බවත් ඒ තුළින් දරිද්‍රතාව රේඛාව ගණනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමාජයේ විවිධ වෙනස් වීම් තුළ වැරදි තොරතුරු සමාජගත වන බවත් වැරදි මත නිගමන ඇති වන්නේ දත්ත නොමැති නිසා බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එමනිසා දත්ත කේන්ද්‍රීය ගමනක් යා යුතු බවත් රාජ්‍ය සේවය ඇතුළුව සමස්ත ජනතාවට ආහාර හා ආහාර නොවන වියදම් පියවා ගන්නා සරිලන ආදායමක් ලැබිය යුතු බවට තමා විශ්වාස කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන බවත් මෙහි දී පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ මේ ක්‍රමය වෙනස් කර සාධාරණ වේතනයක් ලබා දී අවම වශයෙන් ආහාර හා ආහාර නොවන වියදම් පියවා ගැනීමේ වැඩපිළිවෙළකට යා හැකි ක්‍රමවේදයක් සකස් කර වෘත්තීය ඉදිරි ගමනට අවශ්‍ය විධිමත් පුහුණුව ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan