*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් දිනවීමට තවත් සැලසුමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම නව සන්ධානය මැතිවරණ සඳහා වෙනම තරග කිරීමට නියමිත බවද සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙම නව සන්ධානය පිහිටුවීමට කටයුතු යොදා ඇත.

ජනතාවට ආකර්ෂණීය සලකුණකින් නව සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කිරීමට ද සැලසුම් කර ඇති අතර, මෙම නව සන්ධානයේ නායකත්වය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරු දැනුම් දී ඇතත්, ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ රට ඉදිරියට යා යුත්තේ තරුණ දේශපාලනඥයන්ට අවස්ථාව දීමෙන් බවත්, මේ නිසා සන්ධානයේ නායකත්වය සඳහා තරුණ දේශපාලනඥයකු පත් කරන ලෙසය.

මේ නිසා සන්ධානයේ නායකයා ලෙස බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු පත් කිරීමට නියමිත බවද පැවැසේ. නව සන්ධානයේ අනුශාසකවරුන් ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරනු ඇති බවට වාර්තා වේ.

නව සන්ධානයේ සියලු තනතුරු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ පකෂවල තරුණ මන්ත්‍රිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයන්ට දීමට සැලසුම් කර ඇතැයිද අනාවරණය වේ. බොහෝ දුරට මෙම නව සන්ධානය ජනාධිපතිවරණයට පෙර එළිදැක්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග පවසන අතර, මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රිවරු සියයකට අධික පිරිසක්ද, අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රිවරු සහයෝගය දක්වන බව තොරතුරු වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan