සෝමාලියාවේ අගනුවරට එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් 32දෙදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි ජනප්‍රිය වෙරළ තීරයක් වන ලිඩෝ වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් 68 දෙනෙකු තවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් වන අල්-ෂබාබ් සංවිධානය විසින් භාරගෙන ඇති අතර සෝමාලි ජාතික පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අවම වශයෙන් ප්‍රහාරකයන් පස් දෙනෙකු පැමිණ වෙඩි තැබීම සිදු කළ බවත්, හය වැන්නා අවසානයේ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් පසු එක් අයෙකු එම ස්ථානයේදීම සියදිවි නසාගත් බවත්ය.

අල්-ෂබාබ් වසර 17 කට වැඩි කාලයක් මොගඩිෂු හි මධ්‍යම රජය පෙරළා දැමීමට සටන් කරමින් සිටින අතර අගනුවර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර සහ වෙනත් ප්‍රහාර ගණනාවක් සිදු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...