ශ්‍රීලනිප දයාසිරිගේ පිළේ සහය සජිත්ට!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම එළඹෙන ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දැක්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සංවිධායකයින් අතර මේ සම්බන්ධයෙන් වූ සාකච්ජාවකින් අනතුරුව සජිත් ප්‍රේමදස මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි ඒ ගැන මාධ්‍ය වෙත දැනුම් දෙමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

පක්ෂයෙක් ලෙස මෙය ඓතිහාසික තීරණයක් වන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම පක්ෂයේ අවසරයකින් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සහය දීමට තීරණයක් ගත් නමුත් එය අලුත් තීරණයක් නොවන බවද ජයසේකර මහතා කියාසිටියේය.

මේ අතර ශ්‍රීලනිප හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බවයි

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...