IMF වෙතින් සුබදායකය පුවතක්!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් මෙරටට පැමිණ සිටින ධූත පිරිස සිය නිරීක්ෂණ ඉදිරිපත්කරමිනුයි මේ බව සඳහන් කරන්නේ.

පසුගිය 25 වැනිදා එම පිරිස මෙරටට පැමිණි අතර අද එම සංචාරය නිමා කර තිබේ.

විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම දූත පිරිස මෙරටට පැමිණ තිබුණි.

ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් අඛණ්ඩ සහාය ලබා දෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ලෙස පුළුල් පදනමක් සහිතව සහ ස්ථාවර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව තීරණාත්මක ප්‍රගතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ඇති ප්‍රධාන වගකීම සපුරාලීමේ ප්‍රගතිය, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තුන්වන සමාලෝචනය තුළින් විධිමත් ලෙස තක්සේරු කිරීමක් ද සිදුවෙයි.

ඒ අනුව එම කණ්ඩායම පවසන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවන බවත් උද්ධමනය පාලනය වෙමින් පවතින බවත්ය.

දේශීය ණය පොලී අනුපාතිකය ද අඩු වී තිබෙන අතර මෙරට විදෙස් සංචිත ඉහළ ගොස් තිබෙන බව ඔවුන් පවසයි.

පවතින තත්ත්වය අනුව රාජ්‍ය ආදායම ද වැඩි වී ඇති හෙයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොද ජීවන තත්ත්වයක් දක්වා පරිවර්තනය වීම අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...