අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි ඒවට බය නෑ – පියල් නිශාන්ත

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW):

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුත් ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ පිරිසක් තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

එලෙස ලිපියක් ලැබී ඇති අතර , ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඒ පිළිබඳව සඳහන් කරන්නේ, “අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි මේවට බය නෑ. අපි තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවය නිසයි.” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...