ඇසෙන මායිමේ අවන්හලක
අද මධු සාදයකි
වීදුරු හැපෙනහඬ සිනාසෙන හඬ
දෙසවන රැව් දෙන රැයකි
මිල්ටන් ජෝතිපාල ප්‍රියා කඩුගන්නාව නැග
එහා වත්තේ නතරවූ සෙයකි
එකක් පසුව එකක් උන් දැන්
අසා පුරුදු විරහ ගීම ගයති
ඉස්සර දවස් වල අවන්හල් වල රෑවල
ගත කෙරූ මොහොත් සිහිවෙයි
එදා මිතුරන් අද කොහේ ඇද්දැයි
වියපත් මහද මගෙන් විමසයි
ඔබෙන් දුරස් වී හෙට දින නැවු නගින
මාගැන දන්නා එකෙක් මෙන් යමෙක්
හද රිදවනම ප්‍රියාගේ ගීය ගයයි..
“රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
අද මෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ..”
හදෙහි කැබලී බිඳී විසිරෙයි
යලි කිසිදාක හමු නොවෙන ඔබ සිහිවෙයි !
~ MKCP ශෂීන්
