“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් නිර්මාණය කරලා – සජිත්

Date:

“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, මීට එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු යැයි ද අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මඟ තොටදී හිංසනයට ලක්වන බවත්, ඔවුන්ට තර්ජනය එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ නීතිඥ ප්‍රජාව වෙත බරපතළ වගකීමක් පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පුරවැසි පරපුරේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය ද පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය,සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග ඊයේ (02) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී ය.

මර්ධනය තුළින් ආණ්ඩුව ජනතාවට ලබාදෙන පණිවිඩය වන්නේ අරගල නොකර “ඒවායින් ප්‍රවේසම් වීමට යන්න දැයිද ,ජනරාශියට එරෙහි වීමෙන් ආණ්ඩුව ජනතාවට දෙන පණිවිඩය වන්නේ විරෝධතා නවත්වන්න යැයි ද, යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සහ කරනවා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ රටේ නීතිඥ ප්‍රජාව මෙන්ම වගකිවයුතු සමස්ත පුරවැසියන්ද ආණ්ඩුවේ මේ ප්‍රචණ්ඩත්වයට එරෙහි බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...