Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ නව සභාවාරය අද සරල උත්සවයකින් විවෘත කෙරේ

9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය අද (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10.30 ට නව සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇති අතර ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ සඳහා සරල, චාම් උත්සවයක් පමණක් පැවැත්වෙනු ඇති අතර ආචාර වෙඩිමුර හෝ රථ පෙළපාලි පැවැත්වීමක් සිදුනොකරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.