ඉදිරි පැය 48 තීරණාත්මකයි – නායේ යෑම්,කන්ඩි කඩා වැටීම් අනතුරු වළක්වා ගැනීමට උපදෙස් (VIDEO)

Date:

පවතින වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් පොළව ඉතාමත් තෙත බරිත වී තිබීම නිසා ඉදිරියේදී ලැබෙන සුළු වැස්සකදී වුවත් නායේ යෑම් සිදුවිය හැකි හෙයින් නායේ යෑම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් තම තමන් මෙන්ම අසල්වාසීන්ද දැනුවත්කර එම ස්ථානවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායේ යෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කළගුණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙන පරිදි ඇතැම් ප්‍රදේශවලට සමස්ත වර්ෂාපතනය මිලිමීටර 250 – 300 සීමාවට පැමිණි ඇති අතර එළඹෙන 05 වැනිදා තෙක් මෙම වර්ෂාපතනය සහිත කාලගුණය තිබිය හැකි හෙයින් මෙම කල සීමාව භයානක විය හැකි බවයි ජයතිස්ස මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වන විටත් හදිසි තත්ත්වයක් ලෙස සලකා රාජකාරී සිදුකරමින් තිබෙන අතර සියලුම නිලධාරීන් කැඳවා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් කර තිබෙන බවයි ජයතිස්ස මහතා පැවසුවේ.

ඊයේ සහ පසුගිය දිනවල ලැබුණු වර්ෂාව මත නායේ යෑම් සහ කන්ඩි කඩා වැටීම් අනතුරු අඟවා තිබෙන බවත් ඊයේ රාත්‍රියේ 07.30 සිට අද රාත්‍රී 07.30 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක හදුනා ගැනුණු ප්‍රදේශවලට නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සහ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ,කලාවන,කහවත්ත,කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශවලටයි එලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...