දෛනික කොවිඩ් මරණ ගණන තවත් ඉහළට. 60ට අඩු 4 දෙනෙකුත් ඒ අතර !

තවත් කොවිඩ් මරණ 8ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු සහ කාන්තාවක් වශයෙනි.

පිරිමි පුද්ගලයින් 7 දෙනා අතරින් 4 දෙනෙකුම වයස අවුරුදු 30 – 59 අතර ඛාණ්ඩයේ වීම ද විශේෂත්වයකි.

දිනක් තුළ කොවිඩ් මරණ 8ක් මෙරටින් වාර්තා වූයේ දිගු කලකට පසුව ය.

දිවයින පුරා කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන හෙයින් දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

RN