ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පවතින අධික වැසි තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන වෙතින් ලබා දෙන අනතුරු ඇගවීමේ නිවේදන, උපදෙස් සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
යම්කිසි හෝ ආපදා තත්ත්වයක් වෙතොත් 117 දුරකථනයෙන් අවශ්‍ය සහය ගත හැකි අතර එය පැය 24 පුරාම විවෘතව පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.
නාය යෑම් අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දී තිබෙන ඉවත් කිරීමේ නිවේදනය අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව කටයුතු සිදුකරමින් පවතින බවද කොඩිප්පිලි මහතා කියාසිටියි.
මේ අතර මහවැලි ගඟේ ජලය ඉහළ යාම පිළිබඳවත් එම පහත් බිම් වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු රාජ්‍ය ආයතන යාන්ත්‍රනය විසින් අවශ්‍ය දැනුවත් කිරීම් නිසි පරිදි සිදුවන බවද ඔහු ප්‍රකාශ කරයි.
මේ අතර විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් වූ නිවේදනයට අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 -70 දක්වා සුළගේ වේගය වේගවත් විය හැකි හෙයින් නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොදෙන ලෙසද කොඩිප්පිලි මහතා දැඩිව අවධාරණය කරයි.


