අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයට විශේෂ නිවාඩු සහ අවදානම් නිවේදන…

රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :

පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට දින වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත.

අධික වර්ෂාපතනය නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය වැනි ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

කොත්මලේ ජලාශය වාන් දැමීමත් සමඟ පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් කිරීමට සහ සහන සේවා සැපයීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දැනටමත් යොදවා තිබේ.

ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින අතර ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරේ.

ආරක්ෂක පියවරක් ලෙස මෙම නිවාඩුව ලබා දී ඇත්තේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...