අයහපත් කාලගුණය Update:ගම්පොළ හා ගෙළිඔය දුම්රිය ස්ථානවල සේවයේ නියතු සියලුම කාර්ය මණ්ඩලය ඉවත් කරයි!

කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම දැනුවත් කිරීම මත ගම්පොළ හා ගෙළිඔය දුම්රිය ස්ථානවල සේවයේ නියතු සියලුම කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඇත.

නාවලපිටිය සිට සවස 1.45 ට වටවල බලා ධාවනය වන දුම්රිය ද අවලංගු කොර තිබුණු අතර නානුඔය හා බදුල්ල අතර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම් දෙන්නේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වටවල දුම්රිය ස්ථනය ආසන්නයේ පිහිටි තේවත්තක කොටසක් දුම්රිය ස්ථානයට කඩා වැටීම හේතුවෙන් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානී සිදුව තිබුණි.

එමඟින් දුම්රිය සේවකයන්ට දැඩි හානියක් සිදු නොවූ අතර පස් කන්දේ කොටසක් පැමිණීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ සේවයේ සිටි දුම්රිය ස්ථානාධිපතිවරයාගේ දෙපා එම පස්වලට යටවී තිබුණු අතර ඔහුව එම ස්ථානයෙන් මුදාගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කොට ඇත.

මේ අතර වටවල දුම්රිය ස්ථනයට අයත් සංඥා පද්ධතියට හානී සිදුව ඇති අතර දුම්රිය ස්ථාන ගොඩනැගිලි කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...