රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :
මේ වනවිට, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනජීවිතයට බරපතල පීඩා එල්ල වී ඇති අතර, ආපදා තත්ත්වය නිසා පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331ක් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය තහවුරු කරයි. තවද, පුද්ගලියන් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් එයින් දෙදෙනෙකු ගංවතුරට හසු වී ඇති බවත් සිව්දෙනෙකු පස්කන්දකට යට වී ඇති බවත් සඳහන් වෙයි.
පීඩාවට පත් වූ 1,734 දෙනෙකු මේ වන විට සුබසාදක මධ්‍යස්ථාන 7ක් වෙත යොමුකර ඇති බවත්, මීට අමතරව, තුවාල ලැබූ පිරිස් වාර්තා වන අතර දේපළ හානි හේතුවෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතින අතර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.


