‘අඛණ්ඩ මහජන විවේචන මැද’ Ariana Grande සිය ප්‍රසිද්ධ ජීවිතයට සමු දීමට තීරණයක්?

සටහන – පුලී

අගෝස්තු 03, LNW (කොළඹ): ලෝකප්‍රකට ඇමරිකානු ගායිකාවක් සහ නිළියක වන Ariana Grande සිය Eternal Sunshine සංචාරය ලබන මාසයේ අවසන් කිරීමෙන් අනතුරුව, මහජන අවධානයෙන් තාවකාලිකව ඉවතට ගොස් විවේකයක් ගැනීමට තීරණය කර තිබේ.

ඇයගේ නියෝජිතයෙකු විදෙස් සඟරාවට ප්‍රකාශ කර ඇත්තේ, දිගු කාලයක් පුරා මුහුණ දීමට සිදු වූ නොනවතින මහජන විවේචන සහ පරීක්ෂාවන් හේතුවෙන් ඇයට “අවශ්‍යම වූ විවේකයක්” ලබා දීමට මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, 2027 වසරේ ලන්ඩනයේ Barbican රංග ශාලාවේ වේදිකාගත කිරීමට සැලසුම් කර තිබූ ස්ටීවන් සොන්ඩ්හයිම්ගේ Sunday in the Park with George සංගීත නාට්‍යයේ Ariana Grande රංගනයෙන් දායක නොවන බවද නිෂ්පාදන සමාගම තහවුරු කර තිබේ. එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ තීරණය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන එයට පූර්ණ සහාය ලබා දෙන බවයි.

පසුගිය වසර කිහිපය තුළ Arianaගේ ශාරීරික පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාජ මාධ්‍යවල සහ විවිධ මාධ්‍යවල පුළුල් කතාබහක් ඇතිව තිබූ අතර, පසුගිය සිකුරාදා නිකුත් කළ ඇයගේ නවතම ඇල්බමය Petal සහ එහි ප්‍රවර්ධන කටයුතු සමඟ එම අවධානය තවත් ඉහළ ගොස් තිබේ.

ඇරියානා ග්‍රැන්ඩේගේ මෙම තීරණය ඇයගේ මානසික සුවතාව සහ පෞද්ගලික ජීවිතයට ප්‍රමුඛත්වය ලබා දීමේ පියවරක් ලෙස බොහෝ දෙනා විග්‍රහ කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...