IMF පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරනවා – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): CPA AUSTRALIA ගණකාධිකරණ අධ්‍යයන ආයතනයේ උත්සවයක්  අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  කියා සිටියේ, මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බවයි

ශෙහාන් සේමසිංහ මහතා පැවසූ අදහස් ,

“ජාත්‍යන්තරය ගැන අවධානය යොමුකරන, තිරසාර, පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය හිමිවන දීප්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස, ශ්‍රී ලංකාවේ හැකියාවන් විදහාපෑම සඳහා දොරටු විවෘත කිරීම රජයේ දැක්මයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන ආකාරය ද එහිදී දැකිය හැකියි.

ආයෝජන ආකර්ෂණය කරගනිමින්, සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් ඇතිකරමින්, කුසලතා යළි රටට ගෙන ඒමට එමගින් හැකිවේවි.

අපේ කුසලතා පූර්ණ පිරිස් නැවත රටට කැඳවන ව්‍යාපෘතිවලට සහායවීමට රජය ඉතා කැමැත්තෙන් සිටින අතර මේ වසරේ සැප්තැම්බරයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.

එහි සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ සිට වර්ධන මාවතකට යොමුකිරීමට පදනම සකසයි.

වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගැනෙනවා.

එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වේවි”

ලෙස ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...