*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මාස හතරක් තිස්සේ රජයේ රෝහල්වල ඉන්සියුලින් නැහැ – රාජිත

කොළඹ LNW:දැනට මාස හතරක සිට රජයේ රෝහල් පද්ධතියේ ඉන්සියුලින් තිබී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.

සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

රජයේ රෝහල් තුළ එලෙස ඉන්සියුලින් තිබී නැති බවට අනාවරණය වී තිබෙන්නේ ඊයේ (02) පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබෙන ටෙන්ඩරය ද අධික මිලකට ලැබී ඇති නමුත් එය හෝ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් ඉල්ලා තිබෙන අතර මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට තමන්ගේ සහය ද අමාත්‍යාංශ බලධාරීන් ඉල්ලා සිටි බවයි සේනාරත්න මහතා පැවසුවේ.

කෙසේවෙතත් හැකි ඉක්මණින් රෝහල් වෙත ඉන්සියුලීන් ලබා දිය යුතුවන අතර එසේ නොවුණහොත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් මියයාමේ අවධානමක් පවතින බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

ඊයේ දින සෞඛ්‍ය අර්බුදයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ සාකච්ජාවක් පැවති නමුත් අර්බුදයන් නිසි ලෙස වටහා නොගෙන සාකච්ජා කර ඇති බවයි රාජිත සේනාරත්න මහතා කියාසිටියේ.

”NMRA ශක්තිමත් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන අපි 2018 ආරම්භ කළා. කොලිටි ලැබ් එක අපි 2019 හැදීම පටන් ගත්තා. ජනාධිපතිවරයා කියනවා FD වගේ කෙටි ක්‍රියාමාර්ග ගන්න කියලා. නිලධාරීන් මේවා දන්නේ නෑ. NMRA පනත තව ලිහිල් කරනවා කියනව නම් ඒ හොරකම් කරන්න. අද මේ පනත තියලත් ඒක ක්‍රියාත්මක නොකිරීම නිසා මිනිස්සු රජයේ රෝහලකට යන්න බෑ. වෛද්‍යවරුන් මේ එන්නත් පාවිච්චි කරන්නේ නෑ අවධානමක් ගන්න බෑ කියලා. NMRA එකේ හිටපු හොදමු ඖෂධ වේදීන් 22 තමයි එකසැරේ එළියට දැම්මේ. ඒ කාලෙත් ඖෂධ තිස් ගාණක් හිඟ තිබුණා. අපි මෘදුකාංගයක් හදලා ඒ හිඟයත් නැති කළා. මේවා හොරාගෙන්ම පේන අහනවා වගේ එකක්. ජනාධිපතිවරයාට කොච්චර උවමනාව තිබුනත් මේක කරන්න වෙන්නේ නෑ. ඖෂධ මිල අහස උසට ගිහින්. ඒ කාලේ ගොඩක් අය සල්ලි නැති නිසා බෙහෙත් බොන්නේ නෑ. අපි මිල අඩුකල නිසා හරියට බෙහෙත් බොන්නන් පටන් ගත්තා. ඖෂධ මිල අඩු කරනවා කියලා ඇස් බැන්දුමක් කළා. අනිත් හැමදේම අඩුවෙද්දී බෙහෙත් විතරක් අඩුවෙන්නේ නැත්තේ ඇයි. ඖෂධ නිසා මිනිස්සු මැරෙන එක ගැන පරීක්ෂණයක් නෑ. ඖෂධ අධිකාරියක් තියෙනවා ඖෂධ වේදය ගැන විශේෂඥයෙක් නැති. මිල කමිටුවේ අය ඔක්කොම අයින් වුණා. මේ සෙල්ලම පටන්ගත්තේ ගිය අවුරුද්දේ. මේ ප්‍රශ්න ගැන කතාකරන්නේ නැතිව වෙන ඒවා කතාකරලා වැඩක් නෑ.. බෙහෙත් සදහා දෙන මුදල් වැඩි හරියක් වෙන ඒවට යන්නේ. ජනාධිපතිතුමනි ඔබ ආර්ථිකය හරිගස්සනවා වගේම සෞඛ්‍ය කියන්නේ වැදගත් එකක්. ආර්ථිකය බුද්ධියෙන් කරනවා වගේ සෞඛ්‍ය හදවතින් කරන්න ඕන එකක්.” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan