අලි සබ්රි හෙට (04) ඉරානයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමක් අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (04) සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි .

අමාත්‍යවරයා මෙම සංචාරය තුළ දී ඉරාන ජනාධිපතිවරයා මෙන්ම එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉරාන දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...