ජනාධිපතිවරණය ගැන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට පිටින් යමින් රනිල් වික්රමසිංහ මහතාට සහාය දෙන්න ගිය මන්ත්රී කණ්ඩායමෙන් කොටසක් ආපහු පොහොට්ටුවට එකතු කරගන්න මෙහෙයුමක් පටන් අරන් ලු.
ඒ අනුව, එක එක මන්ත්රීවරයාට වෙන වෙනම කතා කරලා ඔවුන්ව ආපහු පක්ෂයට එකතු කරගෙන පක්ෂය විසින් 07 වෙනිදා නම් කරන අපේක්ෂකයාට සහාය දෙන්න එකඟ කරගන්න ලු හදන්නේ.
දැනටමත් කීපදෙනෙක් ආපහු පොහොට්ටුවට එකතු වෙන්න සූදානමින් ලු ඉන්නෙ. ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මොහාන් පී. ද සිල්වා පෙරේදා (02) වෙනකොටම ආපහු ඇවිල්ලා කියලාත් ආරංචියි.
RN