වෙඩිතැබීමේ සිද්ධි පෝලිමක්. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී අද අලුයම 02.45ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.

එසේම ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසකදී අද අලුයම 03.30 ට පමණ 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළදී අද අලුයම 04.10 ට පමණ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙසේ දිවිනසාගත් පොලිස් නිලධාරියා ඉහත කී 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, 54 හැවිරිදි කාන්තාවට සහ 17 හැවිරිදි දියණියට වෙඩිතබා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මීට අමතරව සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...