Kantale Express අද පැරිස් පිටියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් අරුණ දර්ශන මීටර් 400 ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිතයි.ඔහු සමඟ තරග වඳින තරගකරුවන් අතර පෞද්ගලික දක්ෂතාවය අතින් අරුණ සිටින්නේ අවසාන තැන වුවත්,කාලීන දක්ෂතාවය සළකා බලද්දී අරුණ සිටින්නේ එක් අයෙකුට ඉදිරියෙන්.


එසේම අරුණ සිය මලල ක්‍රීඩා ජීවිතයේ මුහුණ දෙන ප්‍රබලතම තරගය මෙය වන අතර එම තරගකාරීත්වය තමන්ගේ ක්‍රීඩා රටාව සමඟ කළමණාකරනය කර ගැනීමට අරුණ දක්වන හැකියාව මත මේ ඉසව්වේ දී අරුණගේ හැකියාවේ අලුත් පිටුවක් පෙරළෙන්නට ඉඩ තිබෙනවා.


අද රාත්‍රී 10.35 ට ඇරෙඹෙන පිරිමි මීටර් 400 ඉසව්වේ පස්වන මූලික තරගයට මුහුණ දෙන අරුණ එහිදී නව වන මං තීරුවේ ධාවනයේ යෙදීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...