බස් රථ දෙකක් ගැටී 22ක් රෝහලේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

මහඔය – අරලගංවිල මාර්ගයේ පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවන් 12දෙනෙකු, පිරිමි ළමුන් 06දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු වන බවද පැවසේ.

මහඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

ක්‍රිකට් ගැන වෙනසක් වෙනසක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: විවිධ පාර්ශව හුදෙකලාව මේ...