කුවේට් හිදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කලාකරුවන් නිදහස් කරයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ, පසුගිය 2 වැනිදා කුවේට් හිදි අත්අඩංගුවට ගත් මෙරට ජනප්‍රිය ගායක ගයිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙන්නේ ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු වේ.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් බව පැවසේ.

කෙසේ වෙතත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...