කුවේට් හිදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කලාකරුවන් නිදහස් කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ, පසුගිය 2 වැනිදා කුවේට් හිදි අත්අඩංගුවට ගත් මෙරට ජනප්‍රිය ගායක ගයිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙන්නේ ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු වේ.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් බව පැවසේ.

කෙසේ වෙතත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...