ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ!

Date:

කොළඹ LNW:සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රී විදි සංචාරය කිරිමට නියමිතයි.

පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් විශාල වශයෙන් පෙරහැර මඟ දෙපස රැදී සිටී.

පස්වරු 06.44ට උතුරු දිශාභිමුඛව පිටත්වන පෙරහැර සිව් මහ දේවාල පෙරහැර සමඟින් දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් ඉහළට විත් යළි ගෙවැදීමට නියමිතය.

අද සිට පුරා දින 05ක් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 08 වන දින රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි.

සිව් මහ දේවාල ගැටඹේ දිය කපනා ගං තොටේදී දිය කැපීම හා පසුදින දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර අවසන් බව සදහන් සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂීක පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...