විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය චම්පිකට දෙන්නැයි ආණ්ඩුවෙන්ම රනිල්ට ඉල්ලීමක් !

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය පාඨලී චම්පික රණවක මහතාට ලබාදෙන ලෙස ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මීට පෙර ඒ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉතාම හොඳින් එම අමාත්‍යාංශයේ කටයුතු හැසිරවූ ආකාරය සලකා මෙම අර්බුදකාරී මොහොතේ නැවතත් එම තීරණාත්මක අමාත්‍ය ධුරය ඒ මහතාටම ලබාදීම යෝග්‍ය බවටයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

විශේෂයෙන්ම ඒ සමයේදී රණවක මහතා විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එහි විදේශ විනිමය ප්‍රශ්නය විසඳීම පිණිස යොදවා තිබිණි. ඒ අනුව තෙල් සංස්ථාවට දිනපතා එකතුවන රුපියල් ආදායමෙන් කොටසක් යොදවා දිනපතාම විදේශ විනිමය මිලදී ගැනීම සිදුකෙරුණු අතර ඒ හේතුවෙන් ඒ යුගයේදී ඉන්ධන ගෙන්වා ගැනීම අවශ්‍ය ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් කිසිවිටෙක තෙල් සංස්ථාවට පැන නැඟුනේ නැත.

මෙම තත්වය ජනාධිපතිවරයාට සිහිපත් කර ඇති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කංචන විජේසේකර මහතා පසුගිය වසර දෙකේ සිටි බලශක්ති අමාත්‍යවරුන්ට සාපේක්ෂව මේ වනවිට හොඳින් කටයුතු කරගෙන ගියත් ඔහුට තවමත් අත්දැකීම් ප්‍රමාණවත් පරිද්දෙන් නොමැති බවයි. එහෙයින් අත්දැකීම් බහුල දේශපාලනඥයකු වශයෙන් මෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලනඥයකු වශයෙන් මේ අර්බුදකාරී මොහොතේ චම්පික රණවක මහතා මෙම තනතුරට ඉතාම සුදුසු බවටයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

චම්පික රණවක මහතා මේ වනවිට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරයකු වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...