යුපුන් ගැන රන් සිහින ලෝකඩ වෙයි

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට හිමි වුණු සිව්වන පදක්කම දිනා දීමට යුපුන් අබේකෝන් සමත් වුණා.ඒ පිරිමි මීටර් 100 තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්.

මීට පෙර මලල ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කම් දිනා දී තිබූ ඩන්කන් වයිට් (රන්),ශ්‍රියානි කුලවංශ(රිදී),සුගත් තිලකරත්න (ලෝකඩ) අතරට ඒ අනුව යුපුන් ගේ නම ද එකතු වෙනවා.

යුපුන් මීටර් 100 මූලික තරගයේදී හොඳම කාලය වන තත්පර 10.06 වාර්තා කර අවසාන පුර්ව තරගයට සහභාගි වුවත් අවසාන පූර්ව වටයේදී අවසාන පූර්ව තරගයට පිවිසුණේ අසීරුවෙන්.මන්ද ඔහු මුහුණ දුන් අවසාන පූර්ව තරගයේදී යුපුන්ට හිමි වුණේ සිව්වන තැනයි.එසේම ඔහු එහිදී වාර්තා කළ කාලය තත්පර 10.20 වුණා.ඒ නිසා ඔහු අවසනෙ තරගයට සුදුසු කම් ලබා ගත්තේ අවසාන පූර්ව තරග තුනේ මුල් ස්ථාන දෙකට හිමිවන නියත ප්‍රවේශයෙන් නොවේ.වේගය අනුව හිමිවන අවසන් ස්ථානයට සුදුසුකම් ලබමින්.

යුපුන් මූලික තරගයේදී වාර්තා කළ තත්පර 10.06 පහසු ධාවනයකින් වාර්තා කළ ද,යළි එම වේගය උපයා ගැනීම පහසු වුණේ නැහැ.අවසාන තරගයේදී යුපුන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ තත්පර 10.14 ක කාලයක් වාර්තා කරමින්.ඉසව්වේ රන් පදක්කම තත්පර 10.02 කාලයක් වාර්තා කළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන්යාලා ට හිමි වුණා.ඔමන්යාලා ද මීටර් 100 ඉසව්වේ තත්පර නවයේ කාණ්ඩයේ සාමාජිකයෙක්.ඔහුගේ හොඳම කාලය තත්පර 9.77 ක් වන අතර,හොඳම කාලීන දක්ෂතාවය තත්පර 9.85 ක් වෙනවා.

දෙවන ස්ථානය පළපුරුදු දකුණු අප්‍රිකාවේ අකානි සිම්බනේ දිනා ගත්තේ තත්පර 10.13 ක කාලයක් වාර්තා කරමින්.සිම්බනේ ද හොඳම කාලය තත්පර 9.84 ක දක්ෂතාවයක් සහ කාලීන හොඳම දක්ෂතාවය තත්පර 9.97 වාර්තා කළ ක්‍රීඩකයෙක්.යුපුන්ගේ හොඳම කාලයද, හොඳම කාලීන දක්ෂතාවයද තත්පර 9.96 ක්.අවසාන තරගයට ඉදිරිපත් වූ පස් දෙනෙකු දක්වා ඇති හොඳම දක්ෂතාවය තත්පර නවයේ සීමාවේ තිබූ අතර ඉන් සිව් දෙනෙකු හොඳම කාලීන දක්ෂතාවය ද තත්පරේ නවයේ සීමාවේ රඳවා ගන්නට සමත්ව තිබුණා.

නමුත් අවසාන තරගය තත්පර නවයේ සීමාවේ රඳවන්නට මේ කිසිඳු වේගයකට හැකියාවක් නොලැබුණේ බොහෝ විට තරගකරුවන්ට එදිරිව නැඟුණු සුළඟේ වේගය -0.9 ක් වූ නිසා ද විය හැකියි.නමුත් පැවති වේගයට සාපේක්ෂව පොදු රාජ්‍ය මණ්ඩලීය පිරිමි මීටර් 100 තරග⁣ය නියෝජනය කළ එකම ආසියාතික තරගකරුවා වූ යුපුන් ශ්‍රී ලංකාව පමණක් නොව ආසියාවටම අභිමානයක් වෙමින් තරගයේ ජය සංඛේත පූවරුවේ රැදී සිටින්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...