අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි!

Date:

ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ QR කේතය යටතේ සතියකට බස් රථයක් සඳහා ලැබෙන්නේ ඩීසල් ලීටර 40ක් වන අතර එය කිසිසේත්ම බස් ධාවනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

එම ප්‍රමාණයෙන් දුරගමන් සේවා බස් රථයකට පැයක පමණ කාලයක් ධවනය කළ හැකි අතර කෙටි දුර ධාවන බස් රථයකට ප්‍රමාණවත් වන්නේ වරුවකට පමණ බවයි ප්‍රියන්ජිත් මහතා කියාසිටියේ.

බස් රථ බස් රථ 13000 දෛනිකව ධාවනය කිරීම සඳහා ඩීසල් ලබාදීමට ආණ්ඩුවට නොහැකි නම් දිනකට ධාවනය කළ හැකි ප්‍රමාණය නම් කර එම ප්‍රමාණයට හෝ ප්‍රමාණවත් ලෙස ඩීසල් ලබා දීමට යෝජනා කරන නමුත් එය ඉටු කිරීමටද ආණ්ඩුව අපොහොසත් බව ඔහු සඳහන් කරන ලදී.

ඒ අනුව මෙම දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය,අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය,පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය එක්ව සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...