“එක් චීනයක්” ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගතවීම ජනපති රනිල් අවධාරණය කරයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගතවීම මෙන්ම ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ කැපවීම වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කර ඇත.

“වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව ද අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක්” බව ද මෙහිදී සඳහන් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...