වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම රාජාසන කතාවේ පරමාර්ථ වලටත් හානියක්!: NMSJ

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (03) දින ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සුබවාදී ආකල්පයකින් බැලීමට හැකිව තිබුණ ද, සාමකාමී ජන අරගලයේ නිරතව සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හරහා මෙකී ප්‍රතිපත්ති වල පරමාර්ථ වලට හානි සිදුවන බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එම ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම සාධාරනීකරණය කළ නොහැකි අයුක්තිසහගත ක්‍රියාමාර්ගයක් බවයි.

ඒ අනුව, අද රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට යහපත් විසඳුමක් සපයා ගැනීම සඳහා යොමුවිය යුතු ප්‍රමුඛ අවධානය සැලකිල්ලට ගනිමින් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා පෙනීසිටින අරගල ප්‍රජාව සමඟ සාකච්ඡා කරමින් නොපමාව යහපත් සම්මුතියකට එළඹීමට රජය කටයුතු කළ යුතු බව හිටපු කතානායකවරයා පෙන්වා දෙයි.

එබැවින් අත්අඩංගුවට ගෙන ඇති අය අතර සිටින වෘත්තීය සමිති නායකයන්ද ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ චෝදනා නොමැති සියලු අරගලකරුවන් වහා නිදහස් කිරීමට රජය කටයුතු කළ යුතු බව එම ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...