තඹුත්තේගම මාරක රිය අනතුරකින් එකම පවුලේ 4 දෙනෙක් මරුට !

Date:

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී අද (04) අළුයම සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් වේගයත් සමහ පාලනයකරගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී වෑන් රථයේ ගමන් ගත් 8 දෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ කගටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් වයස අවුරුදු 36 සහ 46 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා 36 සහ 43 වන කාන්තාවන් දෙදෙනෙක්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...