තඹුත්තේගම මාරක රිය අනතුරකින් එකම පවුලේ 4 දෙනෙක් මරුට !

තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදී අද (04) අළුයම සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් වේගයත් සමහ පාලනයකරගැනීමට නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී වෑන් රථයේ ගමන් ගත් 8 දෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ කගටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් වන අතර ඔවුන් වයස අවුරුදු 36 සහ 46 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා 36 සහ 43 වන කාන්තාවන් දෙදෙනෙක්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...