නාමල් 2024 එනවාට මහින්දත් කැමැත්තෙන් ලු !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙනකොටත් කණ්ඩායම් තුනකට බෙදිලා වැඩකරන බව LNW ගොසිප් අපි මීට කලින් පුවතකින් කිව්වා. නාමල් රාජපක්ෂගේ කණ්ඩායමේ කැමැත්ත තියෙන්නේ ඊළඟ මහමැතිවරණයෙන් විපක්ෂයට යන්න කියලාත් අපි ඒකෙදි කිව්වා.

මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවා නම් ඒක කරන්න ඕනෑ නාමල් රාජපක්ෂව අගමැති කරනවාය කියන කොන්දේසිය මතයි කියලා ලු නාමල් පිලේ කට්ටිය කියන්නේ. ඒකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවුණොත් පරදින්න හරි බලාගෙන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෙ කියලා නාමල් පිලේ කට්ටිය කියනවා ලු.

කවුරු දිනයිද කියලා හරියටම පැහැදිලි නැති ජනාධිපතිවරණයක් නිසා සමහරවිට නාමල්ට එතනදී දිනන්න චාන්ස් එකක් තියෙන්නත් බැරි නෑ කියලා ලු ඒගොල්ලෝ කතාවෙන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ අදහස ගැන කැමැත්තෙන් ලු ඉන්නේ. පහුගිය දවසක ඒ මහතාව හමුවෙන්න ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කීපදෙනෙක් එක්කත් මේ ගැන කතාවෙලා තිබුණා කියලා ආරංචියි.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...