කවින්දට සහ මුජිබර්ට එරෙහිව පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතුළු පිරිසක් විසින් ඊයේ (03) දින අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකරුවන් පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයුතු ලෙස ඇතුළුවී අනවසරයෙන් එහි දත්ත ලබාගැනීමක් සිදුකර ඇති බවයි.

කථානායකවරයාගේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දත්ත ලබාගැනීම සඳහා ආයතන වෙත ඇතුලුවිය නොහැකි අතර මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...