කොළඹ LNW:මහා භාණ්ඩාගාරය හා සම්බන්ධිත රජයේ ප්‍රධාන තොරතුරු පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.
ඒකාබද්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියට (ITMIS) රාජ්‍ය ආයතන සියල්ල කඩිනමින් ඇතුළත් කරගැනීම උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් සාකච්ඡා කිරීමට සහ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) මනා ලෙස උපයෝගී කරගැනීමට සිදුකළ යුතු වෙනස්කම් හා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව මෙන්ම, සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
ASK
