*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

අවි දරණ දෑතට කීබෝඩ් සහ මවුස් ….

නිදහසෙන් පසුව ගතවූ වසර 75ක කාලය තුළ ශ්‍රී ලංකාවට බිහිසුණු ලේ වැකි සන්නද්ධ අරගල තුනකට මුහුණ දීමට සිදුවිය. ඒ, 1971 කැරැල්ල, 88 – 89 කැරැල්ල සහ උතුරේ යුද්ධය වශයෙනි. වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනක් මේ ඔස්සේ රටට අහිමිවූ අතර රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය හැකිව තිබුණු ඇමරිකානු ඩොලර් බිලියන ගණනාවක අතිවිශාල මුදලක් ද ඊට යට කෙරිණි.

විරැකියාව සහ තරුණ අසහනය

මේ සන්නද්ධ අරගලවලට මූලික හේතුව වූයේ තරුණ අසහනයයි. ඒ තරුණ අසහනයට විරැකියාව ඇතුළු හේතු ගණනාවක් බලපෑවේය. සමාජයක් වශයෙන් ඒ තරුණ අසහනය දරාගත හැකි සීමාව ඉක්මවා ගිය සෑම අවස්ථාවකදීම එය පුපුරා ගිය බවට අපේ මෑත ඉතිහාසය සාක්ෂි සපයයි.

වසර 13ක් පාසල් අධ්‍යාපනය ලබා පාසලින් එළියට එන දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා අතිශයින් සීමිතය. රැකියා ඉලක්කගත නොවන පාඨමාලා රැසක් සහිත රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් ද වසරකට රැකියා විරහිත උපාධිධාරීන් දහස් ගණනින් පිටකරමින් සිටී. පවතින ආර්ථික අර්බුදය හමුවේ ගම්වල පිහිටුවා ඇති කර්මාන්තශාලා ද එකින් එක වැසී යමින් ඇත. අලුතින් කර්මාන්තශාලා විවෘත නොවන තරම් ය. කෘෂිකර්මාන්තය ද පවතින්නේ ගැටලු රැසක් මධ්‍යයේ ය. කැත්ත උදැල්ල සමගින් මහපොළව සමග හැපෙන තරුණයාට එයින් ලැබෙනා මුදලින් තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අපහසු තත්වයක් නිර්මාණය වී තිබේ. තත්වය තවත් බැරෑරුම් වන්නේ එකී අවශ්‍යතා ද දිනෙන් දින සංකීර්ණ වෙමින් පවතින නිසා ය.

2022 වසරේ උඝ්ර වූ ආර්ථික අර්බුදයට රටක් වශයෙන් මුහුණ දෙමින් රට යළි යථා තත්වයට පත්වන ආකාරයක් පෙන්නුම් කෙරෙමින් තිබෙන නමුත් අදටත් අප රටට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය උපයා ගැනීමට හදන්නේ කවර ක්ෂේත්‍රයක් හරහාදැයි පැහැදිලි නැත. තරුණ පරපුර විශාල වශයෙන් රටහැර යාමට උත්සාහ දරමින් සිටිති. එය පවා පහසු දෙයක් නොවේ. එවන් තත්වයක් තුළ පීඩනයෙන් පසුවන තරුණ පරපුර යළි අත වනනු ඇත්තේ කැරලිකාරී ඛේදවාචකයකට විය හැකිය. අද හෙටක නොවුණත් අනාගතයේ එවැන්නක් සිදුවීම යනු රටේ වත්මන් තත්වය අනුව කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය හැකිය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන රටට අතිශයින් වැදගත් වන්නේ මෙවන් සන්දර්භයක් තුළ ය. ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ව්‍යාපෘතියේ අරමුණ රටේ දුවාදරුවන්ට අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 10ක් සඳහා මඟ විවර කර දීමයි.

ඩීපී කෝඩින් ස්කූල් වශයෙන් දරු දැරියන්ට පරිගණක භාෂා දැනුම ලබාදෙමින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන මේ වනවිට කෘතීම බුද්ධිය සහ රොබෝටික්ස් අධ්‍යාපනය ලබාදෙන අයිටී කැම්පස් වැඩසටහනක් දක්වා සංවර්ධනය කර තිබේ.

මාස හයක් තුළ 40,000 කට අධ්‍යාපන වරම්

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනට මේ අගෝස්තු 02 වනදා වනවිට මාස හයක් සම්පූර්ණ විය. ඒ මාස හය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල, ප්‍රධාන වශයෙන්ම පන්සල් ආශ්‍රිතව ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 53ක් පිහිටුවා ඇත. ඒ තුළින් පරිගණක භාෂා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 40,000 ඉක්මවයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් කලා විෂයයන් ඇතුළුව සියලුම විෂයය ක්ෂේත්‍ර ඔස්සේ වසරකට උසස් අධ්‍යාපනය ලබාදීමට හැක්කේ සිසු සිසුවියන් 40,000 කට පමණි. ඒ අනුව ඩීපී එඩියුකේෂන් වැඩසටහන මාස හයක් තුළ දක්වා ඇති ප්‍රගතිය අති විශිෂ්ට බව නොකියාම බැරිය.

අනෙක් අතට ගමේ පන්සල හා සම්බන්ධ වෙමින් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන පිහිටුවීම ද ආකාර කිහිපයකින්ම රටට සමාජයට වැඩදායක වේ. ඉතිහාසයේ සිටම අපේ සංස්කෘතික උරුමයක් වන “වැවයි දාගැබයි – ගමයි පන්සලයි” යන සංකල්පය මෑත කාලීනව අපේ ජීවන රටාවන් අනුව තරමක් වෙනස් වෙමින් පැවතිනි. ගමේ ජනතාව සිටියේ පන්සලෙන් ඈත් වෙමිනි. නමුත් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන හරහා දැන් නැවතත් ගම්වැසියන් සහ ගමේ පන්සල අතර ඉතාම ශක්තිමත් සබඳතාවක් ඇතිවෙමින් තිබේ. එය ගමේ දූදරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට මෙන්ම ගමේ සහජීවනයට ද ඉතාම ධනාත්මක බලපෑමක් කරයි.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ ඉලක්කය වී ඇත්තේ 2025 වනවිට දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථා පිහිටුවීමට යි. එහිදී ඩීපී එඩියුකේෂන් යූටියුබ් චැනල හරහා පාසල් දරු දැරියන් වෙනුවෙන් සකස් කර ඇති ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඇතුළු විෂයය පාඨමාලා හැදෑරීම තුළින් සිය පාසල් අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵල පෙන්වීමට ද දරු දැරියන්ට අවස්ථා හිමිවේ. එසේම තරුණ තරුණියන්ට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා IELTS විභාගය වෙනුවෙන් පාඨමාලාවක් මෙන්ම ජපන් භාෂා පාඨමාලාවක් ද දැනටමත් යූටියුබ් ඔස්සේ හැදෑරිය හැකි අතර ඉතාලි භාෂා පාඨමාලාවක් ද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ය.

අන්තර්ජාල පහසුකම් නොමැති, හරිහැටි දුරකථන සංඥා පවා නොමැති, පරිගණකයක් දකින්නට හෝ නොමැති ඈත එපිට දුෂ්කර ගම්මාන කරා මේ පරිගණක භාෂා දැනුම ගෙනයාමට ඩීපී එඩියුකේෂන් වැඩසටහන ඔස්සේ කටයුතු කෙරෙමින් තිබේ. ඩීපී කෝඩින් ස්කූල් වැඩසටහනේ මූලික පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව මෙම දරු දැරියන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව තම ගමේ සිටම ඔන්ලයින් ක්‍රමයට හැදෑරීමේ හැකියාව ලැබේ. එමෙන්ම ඩීපී එඩියුකේෂන් වැඩසටහන කැළණිය විශ්ව විද්‍යාලය සමග එක්වෙමින් ව්‍යාපාර සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් ද, රුහුණු විශ්ව විද්‍යාලය සමග එක්වෙමින් දත්ත විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් ද දැනටමත් නිර්මාණය කර ඇත. මෙම පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ විවිධ රටවල රැකියා අවස්ථා ලක්ෂ ගණනකට මග විවර වේ.

ඉලක්කයක් නොමැතිව සිටි පරපුරකට ඉලක්කයක්

ඉලක්කයක් නොමැතිව ඔහේ හැදෙන්නට නියමිතව සිටි පරපුරකට දැන් ඉලක්කයක් ලැබී තිබේ. ඒ, පරිගණක ක්ෂේත්‍රයේ රැකියා හරහා රට සංවර්ධනය කරමින් ශ්‍රී ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ ඉලක්කයයි. එය හුදෙක් සංකල්පයක් පමණක්ම නොවී දැනටමත් යතාර්ථයක් බවට පත් කරන්නට ධම්මික පෙරේරා මහතා ප්‍රමුඛ ඩීපී එඩියුකේෂන් කණ්ඩායමට හැකිවී තිබේ. දැනට පාසල් වයසේ පසුවන දරු දැරියන්ට මග නොදැන සිය තරුණ වියට අයාලේ පිවිසෙන්නට අවශ්‍ය නැත. ඔවුන් වෙනුවෙන් මාර්ගයක් සකස් කෙරෙමින් තිබේ.

මේ වැඩසටහන සාර්ථක වනවිට ඒ තරුණ පරපුරට අසහනයෙන් පෙළෙන්නට වන්නේ නැත. ඔවුන්ට දෑතට අවිගෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට වන්නේ නැත. ඔවුන්ගේ දෑතට දැනටමත් කීබෝඩ් සහ මවුස් ලැබී තිබේ. ඒ ඔස්සේ සිය අනාගතය සාර්ථක කරගැනීමට, ඔවුන්ගේ වචනයෙන්ම කියන්නේ නම් “ජීවිතය ගොඩදාගැනීමට” මාර්ගය දැන් හෙළි පෙහෙළි කර තිබේ. ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන රටේ අනාගතයට අතිශයින්ම වැදගත් වන්නේ එබැවිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan